සිව් දෙසින්ම සිංහරාජ වනාන්තරය මායිම් වනංකාර වූ දෙනියාය ප්‍රදේශයේ සුන්දරත්වය වූ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ සංකේත වූ ගන්ඨිාර නාදයෙන් ද ආශිර්වාද මත 1934 දී මාර/දෙනියාය ශාන්ත මැතිව් විදුහල ආරම්භ වූයේ ප්‍රථම ඉංග්‍රීසි පාසල වශයෙනි. අප පාසල ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පරිත්‍යාග කර ඇත්තේ මැතිව් රාජපක්ෂ මහතා විසිනි එහි කලමනාකාරිත්වය ශාන්ත ජෝසප් දෙව්මැදුරේ භාරකාර පියවරු විසිනි. මෙම උදාර වූ පින්බිමෙ පලමු විදුහල්පති වරයා වූයේ සී.එස්. දිසානායක ගුරු පියානන්ය. ඉන් අනතුරුව 1955 – 1959 දක්වා එන් .එන්.කුරුකුලසූරිය මහතා හා එම් .ගෝමිත් යන කන්‍යා සොයුරියන් එම තනතුර භාර ගත්හ.

1959-04-01 දින සිට 1975-02-16 දින දක්වා ඩී.එම්.සී.පී.ජයතිලක මහතා මෙම පාසලෙ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත. මෙම කලයේදී නව ගැසට් නිවේදනයකට අනුව මෙම පාසල රජයට පවරා ගන්න ලදී. මෙම කාලවකවනුව තුලදී එය කැපී පෙනෙන කටයුත්තකි.තවද මෙම කාලයේදී ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන පාසලක් ලෙස ප්‍රසිද්ධ වී තිබුනි. මෙම පාසලට අමිල සේවයක් ඉටුකල මෙම විදුහල්පයති තුමා 1975-07-06 දින සේවය නිමා කරන ලදී. ඉන්පසු තාවකාලිකව උපගුරු බී.වික්‍රමනායක මහත්මිය එම තනරතුරේ තාවකාලිකව කටයුතු කලා ය.1978 මැයි මස මෙම පාසලට ප්‍රේමදාස තේරගොඩ මහතා විදුහල්පති ලෙස පැමිණ එත 1978-06-01 දින සිට 2004 – 10- 04 දක්වා ඒ.ඒ නන්දසේන මහතා වසර 25 ක් මෙම පසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර එත මේ කාලය තුල විශේෂයෙන් සදහන් කල යුත්තේ අධ්පයාන හා හ්රේඩා අතින් උසස් තත්වය කටගෙන ඒමට ඔහුට හැකි වී ඇත. 2004 -10 -04 මෙතුමා පාසල් දිවියට සමුදී ඇත.
2004.10.03 වන දින සිට විදුහල්පති ලෙස ආර්.පි.එම්.හේමචන්ද්‍ර මහතා වැඩ භාර ගෙන ඇත. මෙතුමා සංවර්ධන කටයුතු බොහොමයක් කල ඇත. මෙතුමාගේ පරිපාලන කාලය තුලදී පාසලේ අධ්‍යාපන සංවර්ධන ,මානව, සම්පත් ගොඩනැගීමට අපමණ වෙහෙසක් ගෙන කටයුතු කල ඇත. 2013.10.24 දින සිට අද දක්වා විතුහල්පති ලෙස කටයුතු සිදු කරනුයේ ඩී .ජී. ඒ .සෙනවිරත්න මහතා වන අතර මෙතුමා පරිපාලනය භාර ගෙන ගත වී ඇත්තේ වසර 09 කි. මෙතුමාද මෙම විදුහල ඵලදායී විදුහලක් බවට පත් කරනු නො අනුමාන වේ.