විදුහල්පති පණිවිඩය
දෙනියාය ශාන්ත මැතිව් ද්වීභාෂා මහා විද්‍යාලය(ජාතික පාසල)

දකුණු පළාතේ පිහිටි එකම ද්වීභාෂා ජාතික පාසල ලෙසත් ජාතික හා ආගමික සහජීවනය තුළින් ජාතීන් වශයෙන් නොව ශ්‍රී ලාංකිකයින් ලෙස එක මවකගේ දරුවන් ලෙස කටයුතු කරන සිසු පිරිසක් බිහි කරන ආදර්ශමත් පාසලක් ලෙස විරුදාවලියට ලක් වූ පාසලකි.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලද කණ්ඩායම ඇතුළු සියළු සිසු සිසුවියන් පාසලේ සංස්කෘතියත්, අනන්‍යතාවයත්, ගෞරවයත් රැක ගනිමින් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ඇතැයි තරයේ විශ්වාස කරන අතර මෙම වෙබ් අඩවිය පාසල් දරුවන්ගේ අධ්‍යාපනික, සංස්කෘතික, නිර්මාණාත්මක, සෞන්දර්යාත්මක හා නවෝත්පාදන කුසලතාවයන් වර්ධනය කර ගැනීම සඳහා යොදාගනු ඇතැයි මහත්සේ බලාපොරොත්තු වෙමි.
තවද මේ සඳහා දායක වූ සිසු සිසුවියන්ටත් මගපෙන් වූ ගුරුභවතුන්ටත් මාගේ සුබපැතුම් එක්කරමි.
විදුහල්පති
ඩී.ජී.ඒ.සෙනෙවිරත්න
මාර/දෙනියාය ශාන්ත මැතිව් ද්වීභාෂා මහා විද්‍යාලය(ජාතික පාසල)