සැරදේවා කිතු දද නංවා
ශාන්ත මැතිව් විදුහල් මාතා
විදු නැණ තිරණින් දැනුම බෙදා
අප දිවි මග සරසන මාතා
සැරදේවා කිතු දද නංවා...
ගුණ දම් සපුරා මෙත් සිත් වපුරා
අප යහ මග ගෙන යන මාතා
දිවි හිමියෙන් ඔබෙ නාමය රකිතා
අපා වෙමු ඔබෙ දරු කැළ නිතිනා
සැරදේවා... //
රට දැය සමයට හිත ඇති දරුවන්
ඔබ සෙවණින් තව බිහිවේවා
අප හද රුව්දෙන බැති ගී නාදෙන්
ඔබෙ ගුණ දස අත පැතිරේවා
සැරදේවා කිතු දද නංවා...//